World

ප්‍රංශයේ කතෝලික පල්ලියක් තුල ඉස්ලාමය නාමයෙන් තිදෙනෙකුගේ බෙල්ල කපා මරා දමයි.

ඉස්ලාම් ත්‍රස්තවාදියෙකු විසින් ප්‍රංශයේ නගරයක් වන නයිස් හි පල්ලියක් තුළදී පුද්ගලයන් තිදෙනෙකු බෙල්ල කපා ඝාතනය කළ බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මුස්ලිම් ත්‍රස්තවාදියෙකු විසින් මීට සතියකට ඉහතදී මුහම්මද් නබි තුමාගේ රූප පෙන්වීම පිළිබඳව උරණවී එරට ගුරුවරයෙකුගේ හිස ගසා මරා දැමීමත් සමගම ප්‍රංශ ජනාධිපතිවරයා මුස්ලිම්වරුන් ආක්‍රමණශීලී යැයි පැවසීමත් සමගම මුස්ලිම් ලෝකයේ දැඩි වාද විවාද ඇති විය.

ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් ඊයේ(28) ප්‍රංශයට එරෙහි ප්‍රහාර ඉල්ලා සිටිමින් වීඩියෝවක් නිකුත් කර තිබුණි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමියෙකු මියගොස් ඇති බවත් පොලීසිය විසින් තැබූ වෙඩි පහරකින් තුවාල ලැබූ ඝාතකයා රෝහල් ගත කරනු ලැබ ඇත..

Related posts

ජකර්තා ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් බාරගනී

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

Admin

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin