පසුගිය 09 වෙනි දින දඹුල්ල ප්රදේශයේ සිදුවුුු ගෙවල් ගිනිතැබීම් සහ පහරදීම් සිදුකිරීමේ සිද්ධිවලට සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්රී පියතිලක නැමැත්තා අද (18) උදැසන දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
අදාළ මන්ත්රී ඇතුළුව 20ක් පමණ පිරිසක් මේ වන විට දඹුල්ල පෙලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.
මෙම සිද්ධියට අදාලව විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිමට නියමිත බව පොලිසිය පවසයි.