Colombo Today Local News

විදුරු කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණය ගැන සැකයක්

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට ඊයේ (08) සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිම ආසන්නයේ ගැවසෙන ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවය.

මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව පවසා ඇත්තේ,

“මම වැඩ ඇරිලා එනකොට මේ පුතා වත්තේ මැදක් හරියේ හිටියා. 5ට 5ක් විතර වගේ මගේ හිතේ එතැනින් එන්න ඇත්තේ. ඒ වෙලාවේ තමයි එතන හිටියේ. මම ඊට පස්සේ කිව්වා පුතේ ඔතන සත්තු එහෙම ඉන්න හින්දා ඔතන ඉන්න එපා පුතේ උඩහට යන්න කියලා. එහෙම මම කියාගෙන බායි කියලා කියාගෙන ආවා.” යනුවෙනි.

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුවී ඇති අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.

පොලීසිය පවසන්නේ දරුවාගේ මළ සිරුර තිබූ ස්ථානයට අඩි දෙකකට පමණ දුරකින් ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු බවය.

ඒ අසළ දරුවාගේ එක් සෙරෙප්පුවක් දක්නට ලැබුණු අතර අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබුණි.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසින්.

මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා අද (09) උදෑසන එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීම සඳහා මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර දරුවා මිය යන අවස්ථාවේ එම ස්ථානයේ සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් සහ දරුවාගේ සීයාගෙන් පොලීසිය වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටියි.

Related posts

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

“උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නෙ නෑ“ – විග්නේෂ්වරන්ගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

ජපුර නව කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි

colombotoday

“බන්ධනාගාර කොමසාරිස් මගේ ලගදි ඇඩුවා.!“ හිරුණිකා බන්ධනාගාරය ගැන අමුතු කතා කියයි.

colombotoday

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday