මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබේ.
ජනාධිපතිවරයා “@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇත.
“lol hey guys” පාඨය යටතේ ඇති වීඩියෝව සිය පළමු වීඩියෝව ලෙස නිකුත් කර තිබිණි.
මෙම ගිණුම මැතිවරණ ප්රචාරක කණ්ඩායම විසින් හසුරුවනු ලබන බව වාර්තා වේ.
ජනාධිපති බයිඩන් මෙලෙස TikTok ගිණුමක් ආරම්භ කළේ, ආරක්ෂක හේතූන් මත අමෙරිකානු රජයේ උපාංග රැසකින් TikTok තහනම් කර ඇති පසුබිමක බවයි සදහන් වන්නේ.