Colombo Today Local NewsHot News

චාවකච්චේරි ත්‍රස්තවාදීයා පිටුපස කොටි ඩයස්පොරාව.. මෙහෙයවා ඇත්තේ හිරේ ඉන්න කොටි ප්‍රබලයෙක් !

chavakaccheri - bomb

චාවකච්ෙච්රියේදී අසු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා මෙහෙයවා ඇත්තේ ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන මොරිල් ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු ලැබී ඇත.

විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මොරිල් ඇතුළු කණ්‌ඩායම විසින් මෙම ත්‍රස්‌තවාදියාව මෙහෙයවා ඇත.

චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියාට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය උත්සාහ ගනිද්දී රජයේ ප්‍රබල ඇමැතිවරයකු එයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇතැයි ද මේ වන විට පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වේ.

බන්ධනාගාරගතව සිsටින ප්‍රබල කොටි ත්‍රස්‌තවාදියකු වන “මොරිල්” නමැත්තා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවක්‌ සැලසුම් කළ මහමොළකරුවාද වේ. ඔහුට විශේෂ ජනාධිපති සමාවක්‌ ලබාදෙන ලෙස ඇමැති සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනවල ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක්‌ කළේය.

මේ වන විට අත්අඩංගුවේ පසුවන චාවකච්ෙච්රි ත්‍රස්‌තවාදියා කිසිදු ප්‍රකාශයක්‌ සිදු නොකරන අතර ඔහුට බාහිරින් ලැබෙමින් තිබෙන සහයෝගය ඊට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ත්‍රස්‌තවාදියා පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන නිලධාරීන්ට කළ අසත්‍ය ප්‍රකාශයක්‌ මත ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් පිරිසක්‌ තවත් අවි තොගයක්‌ සොයා විල්පත්තු කැලේ කිලෝමීටර් 10 ක පමණ දුරක්‌ සෝදිසි මෙහෙයුමක්‌ සිදුකර ඇතත් කිසිදු අවියක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත.

දැනට පොලිසිය සිදුකරගෙන යන විමර්ශන අනුව චාවකච්ෙච්රි කොටි ත්‍රස්‌තවාදියා ඇතුළු බන්ධනාගාර කොටින් සමඟ දකුණේ පාතාලය සමඟ සබඳතා පවත්වන බවට ද තොරතුරු ලැබී ඇත.

දකුණේ පාතාලයන්ට ලැබෙන මත්කුඩු තොග සහ විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් ලැබෙන මුදල් හේතුවෙන් මෙම සබඳතාව ගොඩනැඟී ඇතැයි ද පසුගිය කාලයේ දකුණේ පාතාලයන් බන්ධනාගාරගත වූ අවස්‌ථාවලදී සිරගත කොටි ත්‍රස්‌තවාදීන් සමඟ සමීප සබඳතා ඇතිකර ගැනීම මීට ප්‍රබල හේතුවක්‌ වී ඇතැයි ද අනාවරණය වී ඇත.

මේ අතර ඉකුත් දිනවල ධීවර බෝaට්‌ටු හරහා නවීන ටී 56 ගිනි අවි 1000 ක පමණ තොගයක්‌ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇතැයි ද ආරක්‍ෂක බුද්ධි අංශවලට තොරතුරක්‌ ලැබී ඇත.

සමන් ගමගේ

ඊළාම් ඩයස්පොරාව කිසි ලෙසකින්වත් ඊළම අතහැර නොමැති බවත්, මේ අවස්ථාවේ දේශපාලන ක්‍රියාමාර්ග කෙරෙහි වැඩි විශ්වාසය තබා තිබෙන ඔවුන් නැවත වරක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සදහා සූදානම් වෙමින් සිටින බවත් ලන්ඩනයට සංක්‍රමණය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු හරහා ලැබුණු තොරතුරු මීට සති කිහිපයකට පෙර Colombotoday අපද අනාවරණය කර තිබුණා.

කියවන්න – මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්

 

Related posts

හකීම් – බදුර්දීන් කැබිනෙට්ටුවේදී ඇරගනී.. “තමුසෙ පල්හොරෙක්“ දෙන්නාම කැරැට්ටුව වමාරයි

colombotoday

කොරෝනා මළ සිරුර තබාගැනීමෙන් කරාපිටිය රෝහලේ අවදානමක්. පොලිසිය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරලා. සේවකයින් නොසන්සුන්

colombotoday

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

colombotoday

“මා දමිළයෙකු යන අහංකාරය මට තියනවා..” – ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්

colombotoday

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

බල්ලෙක් හපා කෑවාට අපි බල්ලව හපන්නෙ නෑ.. ජෝන්ගෙන් රාජිතට සැර ප්‍රහාරයක්

colombotoday