Colombo Today Local News

ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වසර 3 ක සිරදඩුවම් ලැබ සිටි ජිනා මැඩම් නිදහස්

කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොළඹ මහාධිකරණය මගින් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සදහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී.එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.

මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.

Related posts

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ තවුෆික් තනතුරුවලින් නෙරපයි

colombotoday

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

මහ වැස්සට කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක බිම් මහල යටවී පුද්ගලයෙකු මරුට.

colombotoday

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin