රාෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයෙන් ඊයේ දිනයේ පත්කල නවක මන්ත්‍රී ආචාර්ය මොහොමඩ් ඉස්මයිල් මහතා දූෂණ චූදිතයෙකු බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
අදාල මන්ත්‍රීවරයා අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටියදී සිදුකළ දූෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා ඇති බවද සදහන් කල ඇමතිවරයා, ඔහු විශ්වවිද්‍යාල මුදල්වලින් නිවාස නඩත්තු කළ පුද්ගලයෙකු බවත්, හොරකම් රැසක් පිළිබදව කෝප් කමිටුව මගින් පවා චූදිතයෙකු කර ඇති ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පිලිබදව තමා පුදුමයට පත්වූ බවද කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/hirunews/videos/1691368690961216/?t=20″ width=”500″ height=”400″ onlyvideo=”1″]