Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමිට දඬුවම් දීම රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ එක් අවස්ථාවක්. ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම, මේ රටේ සිවුරට කරපු නිග්‍රහයක් විදිහට සලකන බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටිනවා.

ඥානසාර හිමිට දඬුවම් දීම දකින්නේ රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ තවත් එක් අවස්ථාවක් හැටියට
“උන් වහන්සේ සමාජ විරෝධී අපරාද කරලා නෑ. මේ රටේ ඒකීය භාවයට එරෙහිව සටන් කරන ඩයස්පෝරාව, රට බෙදා වෙන් කිරීමට එරෙහිව උන්වහන්සේගේ හඬ අවදිවූ අවස්ථාවක් හේතුවෙන්” ඥානසාර හිමි සිරගත කර ඇති බව සඳහන් කර ඇති ධම්මරතන නා හිමියන්, ඒ හේතුවෙන් මේ සිරගත කිරීමේ ක්‍රියාවලිය අපිට පෙනෙන්නේ කිසියම් ආකාරයක කොටි සංවිධානයේ ජයග්‍රහණයක් හැටියට බව සඳහන් කර සිටියා. මේ රට බෙදා වෙන් කරන්න වැඩ කරන බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් වගේම ඊට එරෙහිවන දේශප්‍රේමීන්ගේ පරාජයක් ලෙසට මෙය හැඳින්විය හැකි බව ප්‍රකාශ කර සිටි උන් වහන්සේ, “මේ විදිහට සිද්ධ වෙන්නේ අපිව පාලනය කරන නීතිය නිසා. අපේ රටේ තියෙන්නේ සුද්දන්ගේ නීතිය. සුද්දෝ මේ රටින් ගියාට උන් ගියේ නෑ. උන්ගේ නීතියෙන් සදාචාර විරෝදී ලෙස අපිව පාලනය කරනවා.” යැයි අවධාරණය කර සිටිති.

“ඥානසාර හිමිට දඬුවම් දීම දකින්නේ රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ තවත් එක් අවස්ථාවක් හැටියට” බවත් “මේ රටේ ජනතාව, මේ රටේ සංඝරත්නය සිතිය යුතුයි දැන්වත්… අපිටම හිමි නීතියක් අපිටම හිමි ජාතියක් ජාතියට හිමි රටක් රටට හිමි ජාතියක් සහ රටට ජාතියට හිමි සභ්‍යත්වයක්.. ඒ සඳහා පෙලගසෙයි කියන බලාපොරොත්තුවක් අපි සතුව තිබෙනවා.” යැයි සඳහන් කර සිටිති.

Related posts

සුනඛයෙක් අපයෝජනයට කල චෝදනාවට හිරුණිකාට, ආදර්ශාට ආශුගෙන් එන්තරවාසියක්

Admin

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

colombotoday

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday