Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස්අ ද (3) පෙරවරුවේ නිවේදනය කළා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් ද,
කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කර සිටියා.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3940 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1582 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 740 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

Related posts

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

අප්‍රේල් මාසයේ මාධ්‍ය නිදහසට බාධා වූ සිදුවීම් 27ක් වාර්තා වෙයි

Admin

පිස්සු හුටංලා එක්වී රේගුවට කරනා විනේ

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday