Colombo Today Local News

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ විය.

විභාගයේ ආරම්භ දිනය වන අද (6) බුද්ධ දර්ම‍ය ඇතුළු ආගම් විෂයන් පැවැත්වෙන අතර විභාගය පෙරවරු 8.30 ට ආරම්භ විය.

අද ආරම්භ වන විභාගය මේ මස 15 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 452,979 ක් පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 ක් ඇතුළත්.

පාසල් විභාග මධ්‍යස්ථානවලට අමතරව විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

Admin

ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්?

colombotoday

තර්ජනයක් විය හැකි විශාල ගස් ඉවත් කරන්න පියවර

Admin

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday