Colombo Today Local News

ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කළ හිරා පදනමට තවමත් ලියාපදිංචියක් නෑ.

අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් ලියාපදිංචි කළ නොහැකි බව 2012දී දැනුම් දීලා

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය ඉදිකරන ලද හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ “හිරා පදනම” පිළිබඳ අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් එම පදනම ලියාපදිංචි කළ නොහැකි යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය 2012 වසරේදී හිස්බුල්ලා මහතාට දැනුම් දී ඇත.

එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2011 වසරේ ජුලි මස හත්වැනිදා “හිරා පදනම” ලියාපදිංචි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත අයදුම්පතක් යොමු කර තිබේ.

එහෙත් එම පදනම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය යහපත් නිර්දේශයක් ලබා නොදී අහිතකර බුද්ධි වාර්තාවක් භාර දී ඇති බැවින් හිරා පදනම ලියාපදිංචි කිරීමට අවසර නොදෙන බව එවකට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හිස්බුල්ලා මහතාට දන්වා යවා තිබේ.

ඒ අනුව හිස්බුල්ලා මහතාගේ මෙම හිරා පදනම තවමත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පදනමක් නොවන බවට එහි අධ්‍යක්ෂවරයකු වන ආර්.එස්.කේ. ලේල්වලගේ මහතා ඊයේ (26දා) අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙතද දන්වා ඇත.

Divaina

Related posts

කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයි

Admin

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

colombotoday

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday