Colombo Today Local News

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !

“පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !” මැයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

අදාළ නිවේදනය…

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !

මේ වන විට කෝප් කමිටුව වෙත ඉදිරිපත්කර ඇති දත්තවලට අනුව පෙනී යන්නේ බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගියදා ටිවිටර් ඔස්සේ ඉදිරිපත් ඉන්ධන මිල ගණන් නිවැරදි නොවන බවයි. අමාත්‍යවරයා ඉදිරිපත්කර ඇති වත්මන් ඉන්ධන මිල සත්‍ය වියදමට වඩා රුපියල් 200.00කින් පමණ අධික මිලකි. දැනට පළවී ඇති රේගු දත්ත වලට අනුව රජයේ බදු ද ඇතුළුව සියළුම ඉන්ධන වර්ග රුපියල් 300.00ට වඩා අඩු මිලකට අලෙවි කල හැකි වේ. එහෙත් මේ වන විට භුමිතෙල් හැර අනෙකුත් සියළුම ඉන්ධන වර්ග රුපියල් 470.00ට වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි වේ. ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් වලින් රජය හා පුද්ගලික සමාගම් රුපියල් රුපියල් 200.00 කට වඩා අධික ලාභයක් ලබන බව පෙනී යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන යන්ත්‍ර සදහා ඉන්ධන සපයනු ලබන්නේ අධික මිලට වන හෙයින් විදුලි ගාස්තු වැඩිකිරීමේ අවදානමක් ද පවතී. එසේ වුවහොත් එම බර දරන්නට සිදුවන්නේද මෙරට පාරිභෝගිකයාටමය.

ඉන්ධන මිල පිළිබද ව බලශක්ති අමාත්‍යවරයා හා රේගුව ඉදිරිපත්කරන දත්ත අතර විශාල පරතරයක් පවතී. එහෙත් මේ සම්බන්ධයෙන් විගණනයක් කිරීම රජයේ විගණකාධිපති වරයා විසින් පැහැර හැර ඇත. ලංකා ඛණිජ තෙල් සංස්ථාව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටින්නේ සිංගප්පූරු ප්ලැට්ස් මිල යටතේ තමන්ගේ මිල ගණන් සාදන බවයි. නමුත් සත්‍යවශයෙන්ම මිල ගණන් සෑදිය යුත්තේ ඉන්ධන මිලදී ගන්නා රටෙහි ඉන්ධන ලබාදෙන මිල අනුව බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අදහසයි.එසේ මිල ගණන් සෑදීම පාරිභෝගිකයාගේ පැත්තෙන් ලාභදායකය. සියළුම ඉන්ධන වර්ග රුපියල් 200.00කි න් අඩු කර හැකිව තිබියදී පාරිභෝගිකයින් සුරා කෑමට ඉඩ දී පාරිභෝගික අධිකාරිය ද නිහඩව බලා සිටී. දවස් හතරක් පහක් පෝළිමේ සිට ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයාගේ සාක්කුව ශුද්ධ කිරීමට සමාගම්වලට ඉඩ දෙනවානම් ඊට රජය සෘජුව වගකිව යුතුය. ඉන්ධන නියාමනය කිරීම සදහා ස්වාධින ආයතනයක අවශ්‍යතාවය අප විසින් මතු කර වසර ගණනක් ගතවුවද අද වන විටත් ඉන්ධන නියාමනය කිරීම සදහා ස්වාධින ආයතනයක් පත්කර නැත. අප රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල නියාමනයට ලක් කර සත්‍ය මිල තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීමට පියවර ගතයුතු බවයි.

Related posts

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

colombotoday

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin