තලෛමන්නාරම, ප්රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.
පොලීසිය පැවසූවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බවය.
ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.
ඊයේ (15) සවස හෝ රාත්රි කාලයේදී දැරියට මෙම අපරාධය සිදුවන්නට ඇති බව තලෛමන්නාරම පොලීසිය සැක කරයි.
සිරුර හමුවී තිබුණේ අද (16) උදෑසන කාලයේදී බවත් සදහන් කරයි.
දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දැරිය කිසියම් ලිංගික හිංසනයකට ලක්වී ඇතිද යන්න පරීක්ශන පවත්වන බවයි.