Colombo Today Local News

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

ඊයේ (27) 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවූ පුවතක් බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී වාර්තා විය.

මෙම පුද්ගලයා කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට තිබුණි.

හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක ප්‍රකාශ බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩී. චේති සත්‍ය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී දතක් පෙණහල්ලේ තිබී හමුවූ බව බලන්ගොඩ කළේය.

මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ පදිංචි එස්. කරුණාරත්න නමැති අයෙකි.

මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත් නිව්මෝනියාව උත්සන්නවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් වාර්තා වී තිබුණි.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මීට වසර කිහිපයකට පෙර ඔහුගේ මුඛයේ දතක් ගැලවී ගොස් පෙණහැල්ලේ සිරවී ඇති බවට සැක කරයි.

Related posts

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

දඩුවමට උරණ වූ සිසුන් දෙදෙනෙක් පාසලට ගිනි තියයි

colombotoday

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday

පොලිස්පති රිවර්ස්

Admin

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday