World

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් සයිබර් ප්‍රහාරයට සෘජුවම ලක්වී තිබේ. දැනට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාරය, අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදි විශේෂිත ආයතනවල වෙබ් අඩවි අක්‍රමණය කිරීමයි.

මේ අතර සයිබර් ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ චෝදනා කරයි.

​‘මෙය ඇමරිකාව දිගින් දිගටම මුහුණ දෙන තත්ත්වයක්. 90 දශකයේදීත් ඉන්පසු 2000 ගණන්වලදීත් අප ඊට මුහුණ දුන්නා. ඒ පිටුපස රුසියානු විදේශ ඔත්තු සේවා සිටින බව ඇමරිකානු බලධාරීන් දන්න කාරණයක්’ යැයි FIRE EYE නම් ආයතනයේ ප්‍රධානී කෙවින් මැන්ඩියා ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෙම සයිබර් ප්‍රහාර වැළැක්වීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවට නව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා දී තිබේ. ජනවාරි 20 වැනිදා ඔහු සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.

SOLAR WINDS නම්​ ටෙක්සාස්හි පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනයක මෘදුකාංගයක් හරහා වැදගත් වෙබ් අඩවිවලට ප්‍රවේශවීමට ‘හැකර්වරුන්’ උත්සාහ දරා තිබිණි. රජයේ ප්‍රධාන ආයතන කිහිපයක පමණක් තොරතුරු සොරකම් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. අදාළ ආයතනය මීට පෙර ප්‍රකාශ කළේ ලක්ෂ තුනක් පමණ වන සිය ගනුදෙනුකරුවන්ගෙන් දහඅටදහසක්ම දැනටමත් එම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවය.

Related posts

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

colombotoday

ෆේස්බුක්, වට්සැප් බිඳ වැටීමෙන් ට්විටර් වාර්තාවක් තියයි | සමාජ ජාලා බිඳ වැටීමට හේතුව එළියට

colombotoday

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin