Covid 19

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය.

මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ , යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ සිටියහ .

මෙම එන්නත් ඉන්දියාවේ මුම්බායි හි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිපදවා තිබේ .

මෙම එන්නත් තොගය ඉන්දියාවේ මුම්බායි සිට ඩුබායි වෙත රැගෙන ගොස් , යළි ඩුබායි සිට මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මෙම එන්නත් තොගය රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද 07 දින අලුයම 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කිරීම සිදු විය.

Related posts

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානවල සේවකයින් 42කට කොරෝනා.මහා වීදියේ කඩයකින් රෝගීන් 11 ක් හමුවෙයි.

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

වත්තල කර්මාන්තශාලාවක කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනා ගනී.

colombotoday

කොරෝනා මර්ධනයෙන් ඊශ්‍රායලය සාර්ථකත්වයට. | මුහුණු ආවරණ නීතියත් ඉවත් කර දමයි.

colombotoday

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday