PoliticsTop StoriesWorld

දෙවන වරටත් ඕස්ට්‍රේලියානු මැතිසබයට ගිය ලාංකික තරුණිය

ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට නැවත වරක් තේරී පත් වී තිබේ.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු 1987 දී ශ්‍රී ලංකාවේදී උපත ලබා 1999දී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වී තිබේ.

ඇය ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ “හෝල්ට්” ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමින් 2022 ෆෙඩරල් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති අතර ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දේශපාලන නියෝජිතයා ද වෙයි.

කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය දේශපාලනයට පිවිසීමට පෙර ඕස්ට්‍රේලියානු බහුජාතික මූල්‍ය සමාගමක් වන වූල්වර්ත්ස් සමාගමේ සූපවේදිනියක ලෙස වසර 15ක් පමණ සේවය කොට තිබේ.

මැතිවරණ රාත්‍රියේදී ඇය තම කණ්ඩායම සමඟ ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය සමරා ඇති අතර උද්‍යෝගයෙන් හා කඳුළු සලමින් රැස්ව සිටි පිරිස අමතා කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු “හෝල්ට් සඳහා නැවත තේරී පත් වූ සාමාජිකාව ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ නිහතමානීකමක්” යැයි පවසා ඇත.

තවත් එක් වාරයක් සඳහා ප්‍රජාව නියෝජනය කිරීමට හැකිවීම ගැන තමාට ඉතා ආශීර්වාදලත් ගෞරවයක් දැනෙන බවත් ඇගේ විශ්මිත කණ්ඩායම මුළු මැතිවරණ ව්‍යාපාරය පුරාම ඇගේ ජයග්‍රහණයට ඇයට උපකාර කළ බවත් ඇය එරට මාධ්‍ය සමඟ අදහස් දක්වමින් පවසා ඇත.

එමෙන්ම ඉදිරි වසර තුන සඳහා ඇයගේ සැලැස්ම ගැන කතා කරමින්, ප්‍රජාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීම සහතික කිරීම සඳහා ඇය දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සටහන – සත්සරණී

Related posts

ඉරිදා සහ පෝය දිනයන්හි දකුණු පළාතේ ටියුෂන් තහනම් – සභාවේ සියලු දෙනා ඒකමතිකව සම්මත කරති

colombotoday

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් මරුට

colombotoday

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

colombotoday

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

colombotoday

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

colombotoday

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday