Top StoriesWorld

සමරිසි සේවනය – ගල් ගසා මරා දැමීම. සොරකම – අත් පා කපා දැමීම. අප්‍රේල් 3 සිට බෘෘනායි රාජ්‍යය ෂරියා නීතිය යටතට

සමරිසියන් සහ අනාචාරයේ හැසිරෙන්නන් සම්බන්ධයෙන් ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ව ගල් ගසා මරණයට පත් කිරීමේ අයිතිය වෙනුවෙන් බෘෘනායි රාජ්‍යය දිගින් දිගටම පෙනී සිටියි.

සොරකම සඳහා අත් පා කපා දැමීම ඇතුළු මෙම ගල් ගසා මැරීමේ නීතිය ක්‍රියාවට නැංවෙන්නට නියමිත ව තිබෙන්නේ තව දින 3 කිනි. එනම් අප්‍රේල් 3 වැනිදා පටන් ය.

2014 වසරේ මුල් වරට මෙම නීති පනවා තිබුණත් මෙතෙක් කල් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

මේ වන විට බෘෘනායි හි මෙම තීරණයට එරෙහිව මුළු ලෝකයම විරෝධය පළ කරන අතර, සුපිරි නළු ජෝර්ජ් ක්ලූනි පවසා තිබුණේ ලොව පුරා බෘෘනායි ධන කුවේරයන් විසින් පවත්වාගෙන යනු ලබන හෝටල් දාමයක් වර්ජනය කරමින් මෙයට තවදුරටත් විරෝධය පළ කළ යුතු බවයි.


හසනාල් බෝල්කියා

ලක්ෂ 4 ක කුඩා ජනගහනයක් ජීවත් වන, එනමුත් තෙල් සම්පතෙන් ආඩ්‍ය බෘෘනායි හි පාලකයා වශයෙන් කටයුතු කරන්නේ අවුරුදු 72 ක් වයසැති, කලෙක ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ද සැලකුණු බෘෘනායි හි සුල්තාන්වරයා වන හසනාල් බෝල්කියා ය. ඔහු ලෝකයේ දෙවැනියට වැඩිම කාලයක් රජකම් කරන ඒකාධිපති පාලකයා ද වේ. නව ෂරියා නීතිය අප්‍රේල් 3 වැනිදා පටන් බලාත්මක වන්නේ ඔහුගේ සෘජු නියෝගයකට අනුව ය.

දැන්, බෘෘනායි රාජ්‍යය මෙම දැඩි ඉස්ලාම් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ගේ අයිතියක් ලෙස සලකන්නේ ඇයි? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්ක මොනවාද?

බෘෘනායි රාජ්‍යයේ වෙසෙන්නේ ඉස්ලාම් බහුතරයකි. බෘෘනායි රාජ්‍යයට යාබදව පිහිටා තිබෙන්නේ ද මැලේසියානු ප්‍රාන්තයන් වන බෝර්නියෝ දූපත් ය. බෝනියෝ දූපත්වල, මැලේසියාවට සහ ඉන්දුනීසියාවටත් වඩා දැඩි ලෙස ඉස්ලාම් ෂරියා නීතිය දැනටමත් බලපවත්වයි. ගිනිකොණ දිග ආසියාවේ සියලුම මුස්ලිම් රටවලට වඩා බෝර්නියෝ දූපත්වල දැඩි ෂරියා නීතියක් ක්‍රියාත්මක ය. එකී ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව මධ්‍යසාර විකිණීම සහ අන්‍යාගම්කරණය ද සපුරා තහනම් ය.

බෘෘනායි රටේ මැතිවරණ පැවැත්වෙන්නේ නැත. නමුත් එහි ජනතාවගේ බදු බර 0%කි. බදු අය කරන්නේම නැත. නිවාස සහනාධාර, නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය එහි පුරවැසියන්ට ලැබේ.

ඉතින් ඔවුන්ගේ ජීවිත සුවපහසු යැයි කෙනෙකුට කියන්නට පුළුවන. සුබ සාධන කටයුතු සියල්ල රජයෙන් කරනවා නම් රජය කියන නීතියකින් පාලනය වුණාට කමක් නැතැයි ඔවුන් සිතනවා විය හැකිය. වැදගත්ම දෙය, ඔවුන් එසේ නොසිතුවද, එයට විරෝධය පළකළ හැකි ප්‍රජාතන්ත්‍රීය අවකාශයන් ද එරට තුළ නැත.

හිටපු ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් ට්විටර් පණිවුඩයක් හරහා මෙසේ කියයි. ‘‘සමරිසි සේවනය හෝ අනාචාරය සඳහා මිනිසුන් ගල් ගසා මැරීම කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. එයට නිදහසට කාරණා දෙන්නට බැහැ. සංස්කෘතිය හෝ සම්ප්‍රදාය යැයි කියමින් මෙයාකාරයේ වෛරයකට සහ අමානුෂිකත්වයකට ඉඩ දෙන්නට බැහැ..”

මේ අතර, තවත් පුවතකින් වාර්තා වන්නේ බෘෘනායි රාජ්‍යයට අයත් රෝයල් බෘෘනායි ගුවන් සේවයෙන් අප්‍රේල් මාසයේ මැද හරියේ ලන්ඩන් නුවර බලා යාමට ගුවන් ටිකට්පත් ඇණවුම් කළ අවුරුදු 27 ක සහ 29 ක සමරිසි තරුණයන් දෙදෙනකුට එම ගුවන් ටිකට්පත් අවලංගු කර ගන්නැයි ගුවන් සේවයේ නියෝජිතයෙකු විසින් කියා තිබේ. ඉන්පසු දෙවැනි නියෝජිතයෙකුට ශවුන් කතා කළ විට ඔහු කියා තිබෙන්නේ ‘If you act heterosexual you should be fine.’ – “ඔබලා විෂමලිංගිකයන් විදිහට හැසිරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ!” යනුවෙනි.

එනම්, ඔවුන්ගේ ගුවන් ගමන සිදුවන්නේ අප්‍රේල් 3 වැනිදායින් පසුව නිසා, එනම් නව ෂරියා නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව නිසා, බෘෘනායි ගුවන් සේවයේ ගමන් කරන්නට නම් සමරිසියන් නොව විෂමරිසියන් බවට ඔවුන් පත් විය යුතුය කියා ය.

අවසානයේ, අප්‍රේල් 3 වැනිදා පටන් බෘෘනායි රාජ්‍යය සමරිසියන්ට ගල් ගසා මරණ හැටි බලා සිටින්නට ලෝකයට සිදු වී තිබේ.

Related posts

ඇබ්බැහි වීම පාලනයට සෑම දිනකම වේලාවක්

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

වට්ස්ඇප් නව රෙගුලාසි ඉල්ලා අස්කර ගනු. | ඉන්දීය රජය වට්ස්ඇප් සමාගමට දින 7ක් දෙයි.

colombotoday

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday