බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ දර්ශන සහ චායරූප පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා.
මේ වන විට Facebook හී පළකර ඇති බොහෝ වීඩියෝ දර්ශන සහ චායාරූප ඉවත්කර දැමීමට කටයුතු කෙරෙන අතර Colombo Today අපගේ නිළ Facebook පිටුවේ පළකර තිබූ බොහෝ වීඩියෝ දර්ශණ ද ඉවත්කර දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන්ට අයත් Facebook ගිණුම් බොහොමයක් මේ වනවිට Facebook ආයතනය විසින් අත්හිටුවා ඉවත්කර දමා ඇති බවයි එම සංවිධානයේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ.