M.M. Riyal නමැත්තකු පසුගිය සිකුරාදා මහරගම පිළිකා රෝහලට පැමිණ වෛද්‍යවරුන්ට අසත්‍ය පවසමින් රෝහලට ඇතුළු විමට උත්සාහ දැරූ බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක වසන්ත දිසානායක මහතා පවසනවා.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් මොහුව හෝමාගම මුලික රෝහලට යැවූ බවත් එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.මෙම හේතුව හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ සුළු සේවිකයන් 15 දෙනෙකු පමණ නිරෝදායනයට යොමු කිරීමට සිදුවී ඇත.
මේ පිළිබඳව Facebook සටහනක් තබමින් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටින්නේ “ඇවිදින බෝම්බ වැනි මෙවැන්නන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක විය යුතුය.” බවයි.