Colombo Today Local News

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ විශේෂ රැස්වීමක් ලබන 19 වනදා පැවැත්වෙන බව එම කමිටු සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයින් වෙත අදාළ රැස්වීම පිළිබඳ මේ වන විටත් දැනුම්දී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර ලබන 30, 31 සහ නොවැම්බර් මස 01 වනදා ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

දැනට ඉදිරිපත්ව ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් එහිදී විවාදයක් පැවැත්වෙන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය. එම විවාදයේදී ඉදිරිපත් වන නව කරුණු සම්බන්ධයෙන් යළි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වී සාකච්ඡා කර එය නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම පිළිබඳ තීරණය කරන බව ද ඔහු කියා සිටියේය.

Related posts

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday