Colombo Today Local NewsTop Stories

එජාපයේ නායකයා රනිල්මයි… සෙසු නිලතළ සංශෝධනයට කමිටුවක් පත් කෙරේ… කෘත්‍යාධිකාරියේ තීරණය මෙන්න

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් වීමේ අවශ්‍යතාවයක් නොමැති බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී ඇති අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද ඒ බව ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙ කිසිදු වෙනසක් සිදු නොවේ.

කෙසේ නමුත් පක්ෂයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අමාත්‍යවරුන් එකොළොස් දෙනෙකුගෙන් සහ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම විශේෂ කමිටුව සදහා නිල බලයෙන් නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක පත්ව ඇති අතර සෙසු දොළොස් දෙනා තෝරා ගැනීම ඡන්ද විමසීමකින් සිදු විය.

ඒ අනුව මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හරීන් ප‍්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, රුවන් විජයවර්ධන, හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, අශෝක ප්‍රියන්ත යන අය සෙසු පිරිස් ලෙස ඊට තේරී පත් විය.

තවද 2020 ජනාධිපතිවරණයට මුහුන දීමට රනිල් වික්‍රමසංහ මහතා කමිටු 4ක් පත්කර ඇත.

කෙසේ වෙතත් විශ්වාස භංගයට පෙර එජාප මැති ඇමතිවරුන් පිරිසක් කියා සිටියේ ඉදිරි පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණයන්ට පෙර පක්‍ෂ නායකත්වයේ පටන් සියළු නිලතල වෙනස් විය යුතු බවයි.

Related posts

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday

ඉන්ධන ගන්නා ආ තවත් දෙදෙනෙක් මිය යයි… එක් අයෙක් දින දෙකක් පෝළිමේ ඉදලා

colombotoday

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

colombotoday

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin