Colombo Today Local NewsCovid 19

කොරෝනා වයිරසය ජයගැනීමට නබි තුමාගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත හැකියි. අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පණිවුඩයක්

නව කොරෝනා වයිරසය අපගේ දෛනික දින චර්යාවට හා පිළිවෙත්වලට අභියෝග කරමින් බොහෝ දෙනා දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත් කරමින් සිටියි. මෙම අභියෝග ජයගැනීමට නබි තුමාගේ ධර්මයේ බොහෝ ඉගැන්වීම් අපට ප්‍රයෝජනයට ගත හැකි වකවානුවක් ලෙස ද මේ කාලය හැදින්විය හැකි බව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා නබි නායක තුමාගේ උපන්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇති බව News Hub වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

ඒ අනුව වෙබ් අඩවිය වාර්තා කර ඇති සබ්‍රි අමාත්‍යවරයාගේ සම්පුර්ණ නිවේදනය….

ලොව පුරා වෙසෙන මුස්ලිම්වරු මහම්මද් නබිතුමාගේ උපන්දිනය මේ රාබි අල් අවුලාල් මාසයේ දී සමරති.

තම ජීවිතය දෙස හැරී බලා ඔවුනොවුන්ට ගෞරව දැක්වීමට හා සෙනෙහස දැක්වීම පිළිබඳව මහම්මත් තුමා ලොවට ලබා දුන් පණිවිඩය පිළිපැදීම ඉස්ලාමීය බැතමත්හු මේ පූජනීය දිනයේ සිදු කරති.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් පිළිබඳ ඉතිහාසය හත්වන සියවස දක්වා අතීතයට දිව යයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ මෙන්ම ඉතිහාසයේ ද ඉතා වටිනා ස්ථානයක් මුස්ලිම්වරුන්ට ලැබී තිබේ. මේ රටේ සියලු ජාතීන් සමඟ මුස්ලිම්වරු ද දැඩි සහෝදරත්වයෙන් හා බැඳීමෙන් ජීවත් වුහ.

ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් හා මුස්ලිම්වරුන් අතර පවතින බැඳීම ලොව අන් කිසිඳු රටක දක්නට නොලැබෙන සුවිශේෂි බැඳීමකි.

ජාතීන් හා ආගම් අතර භේද ඇති කරවීමට අන්තවාදී බලවේග මෑතකදී යම් යම් උත්සාහයන් දැරුවද තම උපන් රටට හා අනෙකුත් ශ්‍රී ලාංකිකයන් හා ඇති ආදරණීය බැඳීමට මුල් තැන දෙමින් මුස්ලිම්වරු හැමවිමට ක්‍රියා කළහ.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුහුණ දෙමින් පෙර නොවූ විරූ අභියෝගාත්මක අවස්ථාවකට පත්ව තිබේ.ජාතියක් ලෙස අප සියලු දෙනා මේ අභියෝගයට මුහුණ දෙමින් සිටිමු. නව කොරෝනා වයිරසය අපගේ දෛනික දින චර්යාවට හා පිළිවෙත්වලට අභියෝග කරමින් බොහෝ දෙනා දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත් කරමින් සිටියි. මෙම අභියෝග ජයගැනීමට නබි තුමාගේ ධර්මයේ බොහෝ ඉගැන්වීම් අපට ප්‍රයෝජනයට ගත හැකි වකවානුවක් ලෙස ද මේ කාලය හැදින්විය හැකිය. නබි තුමන් සිය දෙසුම්වල සඳහන් කළ සෙනෙහස, සමාව දීම, සමානාත්මතාවය, සහෝදරත්වය පිළිබඳ ව උපදෙස් අප අනුගමනය කළ යුතු කාලය දැන් එළැඹ තිබේ. සෙසු පුද්ගලයන්ට වඩාත් සෙත සලසමින් උතුම් පුද්ගලයකු බවට පත් වන්නට නබිතුමා ලබා දුන් පණිවිඩය වඩාත් ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු කාලය ලෙස ද මේ කාලය හැදින්විය හැකිය. රටක් ජාතියක් ලෙස අප අභියෝගයට මුහණ දී සිටින අවස්ථාවක එම අභියෝග ජය ගැනීම සඳහා සෙනෙහස හා පරිත්‍යාගය පිළිබඳ මහම්මද් තුමාගේ ඉගැන්වීම වඩාත් යෝග්‍ය වේ. සාමකාමී හා ආශිර්වාදාත්මක මිලාද් උන් නබි දින සැමරුමකට සියලු දෙනාට සුභ පතමි.

Related posts

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

‍ලොව පුරා ත්‍රස්ත තර්ජණ: කටුනායක ගුවන්තොටේත් ආරක්ෂාව තර කරයි

colombotoday

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් – ඇමති සරත් වීරසේකර

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

කන්දකාඩුක්වේ කොරෝනා ආසාදිතයින් 550ක්

colombotoday