තහනම් කරන ලද අන්තවාදී සංවිධාන 11 පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාදුන් දේශීය සහ විදේශීය පුද්ගලයන් සොයා බලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (16) පැවසීය.
මෙම අන්තවාදී සංවිධාන සඳහා ගොඩනැඟිලි තැනීම සඳහා පමණක් රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඇති අතර එම සංවිධානවල පරිපාලන කටයුතු සඳහාත් ඒ ආකාරයට මුදල් යොදවා තිබෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙම වත්කම් සියල්ලම පිළිබඳව නීතිපතිවරයා වෙතට යොමුකර ඒවා රාජසන්තක කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග හෙළිකරයි.