Colombo Today Local News

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී ලොරි රථයක් සහ ස්කැමල් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

කොළඹ සිට යාපනය දෙසට ටයිල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දෙසට බියර් ප්‍රවාහනය කරමින් තිබූ රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථය මාර්ගය අසල නවතා තිබියදී පසුපසින් පැමිණි ස්කැමල් රථය නවතා තිබූ ලොරියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි.

Related posts

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

Admin

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

පෝස්ටර් ගසා, ජනපතිගේ පරමාදර්ශය කෙළෙසන අයට සමාජ ජාලාවල බලු බැණුම්…

colombotoday

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

Admin

මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?

Admin