Colombo Today Local News

කුරාණය, හදීස්, ෂරියා නීතිය හැර මුස්ලිම් ජාතිකයන්ට වෙනත් නීතියක් නෑ. බහු විවහා කර ගන්නේ පිහිට වෙන්න. අසාත් සාලි තප්පුලයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරානයේ ඇති නීති වෙනස් කළ නොහැකි බවත් කුරානය, හදීස් ,ශාරියා නීතිය හැර මුස්ලිම් ජනතාවට වෙනත් නීතියක් නොමැති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

ලිඛිතව එය වෙනස් කලද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැති බව පවසන ඔහු කවුරු මුස්ලිම් නීති වෙනස් කලද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි බව සදහන් කරයි.

මුස්ලිම් ජාතිකයෙකු විවාහ කීපයක් සිදු කරන්නේ හැකියාව අනුව බවත් රැක බලා ගැනීමට හැකියාවක් ඇතිනම් විවාහ තුනහතරක් සිදු කරගැනීමේ ඇති ප්‍රශ්නය කුමක්දැයි අසාද් සාලි විමසා සිටි.

බහු විවාහ සිදු කර ගන්නේ තවත් අයට පිහිට වීමේ හා උදවු කිරීමේ අරමුණින් බව ද ඔහු පෙන්වා දෙයි.

එබැවින් මුස්ලිම් නීති වෙනස් කිරීමට උත්සාහ කර අනවශ්‍ය අර්බුද නිර්මාණය කිරීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හෙතෙම පවසයි.

Related posts

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි | පළමු මාත්‍රාව ගත් අය කළ යුතු දේ මෙන්න

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

පුතාට පොලිස් නිලධාරීන් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා – මෛත්‍රී ගුණරත්න

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් රිමාන්ඩ්

colombotoday

නිව්යෝක් ටයිම්ස් පුවත බේගලයක්.. චීනය මහින්ද වෙනුවෙන් පෙනී සිටී

colombotoday

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday