අහුංගල්ල, බලපිටිය ප්රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරින් එක්ව සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරු සතුව තිබී ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ හිස් කොපුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු 34 හැවිරිදි බලපිටිය, ගොරකගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු දකුණු පළාතේ සංවිධානාත්මක ආධාරකරුවෙකු වන අතර ඔහු අද (29)දින බලපිටිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.