Colombo Today Local News

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

suzenශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ඒමේ ක්‍රියාවලියට සහාය දැක්‌ වූ ස්‌විස්‌ටර්ලන්තයේ ඇමරිකානු තානාපති සුසැන් ලෙවිනේ ජනවාරි 20 දා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා දැඩි අර්බුදයකට ලක්‌ වී ඇත.

ඇමරිකානු තානාපතිනිය ඉල්ලා අස්‌වන බව එම ප්‍රකාශකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙන දිනයේදී බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

ජිනීවා යෝජනාව ගෙන ඒමට මුල්වූ හිලරි ක්‌ලින්ටන්ගේ ආධාරකාරියක වූ සුසෑන් ලෙවිනේ ඉල්ලා අස්‌වීමට තීරණය කිරීම ඊළාම් ජනතාවට එල්ල වූ මරු පහරක්‌ බව යුරෝපා ඊළාම් ඩයස්‌පෝරාව සඳහන් කර ඇත. මේ අතර හදිසි තත්ත්වයක්‌ මතු වී ඇති බව දක්‌වමින් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නායක රුද්රකුමාරන් රටවල් 6 ක ඊළාම්වාදී සංවිධාන සමඟ සාකච්ඡාවක්‌ සංවිධානය කර ඇත.

Divaina

Related posts

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday