Covid 19

කොරෝනා ආසාදිත දින විස්සක් වයස බිළිදෙකු මිය යයි..

මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය අද (08)දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

එම මරණය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා විය.

නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මිය යන විට එම බිළිදාට දින 20ක් බවයි සෞඛ්‍ය අංශ පැවසූහ.

තොටළඟ ප්‍රදේශයේ දින 20 ක් වයසැති එම බිළිඳා දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණි.

එම බිළිඳා දැඩිලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිටි බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ එම බිළිඳාට කොවිඩ් වැළඳී ඇති බවය.

එම බිළිඳා අද (08)දින මියගොස් ඇති අතර බිළිඳාගේ මව්පියන්ට කොවිඩ් ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනාවරණ වි ඇති බව රෝහල් බලධාරීන් පැවසීය.

Related posts

තවත් කොවිඩ් මරණ 07ක්

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි

colombotoday

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

සතියක් තුළ දරුවන් අතර කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් ?

colombotoday

රන්ජන් රාමනායකට කොවිඩ්

colombotoday