Covid 19

තවත් කොරෝනා මරණ 7ක්

ඊයේ (06) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අතර, බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් ද වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 137කි.

  1. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි පිරිමි අයෙකි. දෙසැම්බර් 03 දා නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ හෘද රෝගයකි.
  2. බන්ධනාගාර රැඳවියෙක් වූ 53 හැවිරිදි පිරිමි අයෙකි. දෙසැම්බර් 01 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියා තත්ත්වයයි.
  3. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවකි. IDH හි ප්‍රතිකාර ලබමින් සිටින අතර දෙසැම්බර් 04 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියාව යි.
  4. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකි. නොවැම්බර් 28 දා නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග ඇතිවූ හෘද ආසාදනය, උග්‍ර පෙනහළු රෝගී තත්ත්වය සහ හෘද රෝගී තත්ත්වයකි.
  5. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවකි. දෙසැම්බර් 04 දා නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියාවයි.
  6. වැලිකඩ බන්ධනාගාර රැඳවියෙක් වූ 66 හැවිරිදි පිරිමි අයෙකි. බන්ධනාගාර රෝහලේදී දෙසැම්බර් 02 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියා තත්ත්වයයි.
  7. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවකි. IDH රෝහලේදී දෙසැම්බර් 05 දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොවිඩ්-19 ආසාදනය නිසා ඇතිවූ නියුමෝනියාව සමග ඇතිවූ බහු ඉන්ද්‍රීය අක්‍රියවීමයි.

Related posts

36වන කොවිඩ් මරණ

colombotoday

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි – සමස්ත රෝගීන් ගණන 467ක් දක්වා ඉහලට

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

colombotoday