Covid 19World

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

ඉන්දියාව තුළ පැතිර ඇති කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදය අවම වශයෙන් තවත් රටවල් 17කට ව්‍යාප්තව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම ප්‍රභේදයේ ආසාදිතයන් වැඩිපුරම හමුවී ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සිංගප්පූරුව යන රටවලින් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

සතිපතා සිදුකෙරෙන වසංගත විද්‍යාත්මක යාවත්කාලීන කිරීම පෙරේදා (27 වැනිදා) සිදුකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනාවරණය සිදුකළේය.

ඉන්දියාවේ පැතිර ඇති මෙම නව විකෘති කොරෝනා වෛරස ප්‍රභේද හඳුන්වා දී ඇත්තේ B1617 යනුවෙනි.

එම ප්‍රභේදය මුල් වෛරස ‘පිටපතට’ වඩා භයානක බවත්, එය වඩාත් වේගයෙන් සම්ප්‍රේෂණය වන හා වඩාත් මාරාන්තික ප්‍රභේදයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Related posts

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

colombotoday

ගාමිණී ලොකුගේ ගේ ලේකම් නාගරික මන්ත්‍රිට කොරෝනා. PCR පරීක්ෂණයෙන් පසු ඇමතිට සහයෝගය පලකරන රැස්වීමටත් ඇවිත්. මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට

colombotoday

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday