Covid 19

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

ජෝර්දානයේ ඇගළුම් කම්හලක සේවයේ නියුතුව සිටි වේයන්ගොඩ තරුණයකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර එම ආයතනයේ විශාල පිරිසක් රෝගීව මෙන් ම අසරණ ව සිටින බව දැනුම් දී ඇතැයි මියගිය අයගේ ඥාතීහු කියති.

වසරකුත් මාස අටකට ඉහතදී රැකියාවට ගිය වේයන්ගොඩ වදුරව පදිංචිව සිටි සම්පත් හංසක සිරිවර්ධන 38 අවිවාහක තරුණයා මෙසේ මියගොස් ඇති බව පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත.

මිය ගිය තරුණයා සමග තවත් දෙදෙනෙක් කොරෝනා ආසාදිත ව වෙන්ව කාලය ගත කර ඇතැයිද එම ඇඟලූම් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික පිරිස් මේවනවිට කරකියාගත දෙයක් නොමැතිව සිටිනා බව ඔවුන් දන්වා ඇති බවද මියගිය අයගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.

මෙම තරුණයා ගේ මරණය දින තුනකට පෙර දී සිදුවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයිද ඔවුහු කියති.

මෙම සේවක පිරිස් විදේශ ගත කිරීමට මුල් වූ ශ්‍රී ලංකාවේ ඒජන්සිය ද මේ වන විට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මත එරට අසරණ ව සිටින පිරිස් කැඳවාගෙන ඒම හා හෝ රැකවරණ සැලසීමට වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 23ක් – වෛද්‍යවරියන් තිදෙනෙක් ද ඒඅතර

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 33ක් – 11ක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලදීම

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

colombotoday

නව ආසාදිතයින් 2,568ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday