Colombo Today Local News

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට ලොව පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනයට එම රටවල් විධි විධාන රැසක් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ පස්වරුවේ  හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්.

ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවය සපයා තිබෙනවා.

මොහු සති දෙකක කාලයක් මෙම ඉතාලි ජාතික සංචාරකයින් සමඟ රැදී සිට ඇති අතර එම සංචාරකයින් මේ වනවිට යලි සිය රටට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.

සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ පූර්ණ සහය ගෙන යන මෙම වැඩපිළිවෙලට ලබාදෙන්නැයි රජය තවදුරටත් ඉල්ලා සිටිනවා.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

Admin

පාස්කු වන්දි ගෙවා අවසන් කරන්න මෛත්‍රී ඇතුළු පිරිසට අධිකරණයෙන් දින දෙයි

Admin

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

colombotoday

අන්තර්ජාලය හරහා ජනපතිට දුක කියන්න අවස්ථාවක් !

colombotoday

රනිල් පසු බසී… විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

ආණ්ඩුව බැරිකම වහගන්න රාජ්‍ය සේවකයන්ට චෝදනා කරනවා

Admin