තමාට ඉදිරි ජනපතිවරණයේදී සහයෝගය ලබා දෙන්නේනම් දෙමල ජාතික සන්ධානයට අවශ්‍ය මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා විශේෂ හමුවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අද (15දා) පැවැත්වීමට නියමිතව ඇත.
සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ අතර ඊයේ (14දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවේදී ගත් තීරණ මෙම හමුව අවසන් වන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද තීරණයක් ගෙන තිබේ.