Colombo Today Local News

කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..!

කොළොන්නාවේ සිරි සුමංගල හිමි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලීසියට නියෝග කර ඇති බවට සති අන්ත මාධ්‍ය වාර්තා කරයි.

අමරපුර නිකායේ දඩලු පාර්ශව මහානාහිමියන්ද වන උන් වහන්සේ වැඩ වෙසෙන පන්නිපිටිය දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ අලියකු රඳවා ගැනීම නිසා මෙම නියෝගය නිකුත් කර ඇතැයිද සදහන්ය.

දැනටමත් මෙම නියෝගය ලිඛිතව රහස් පොලීසිය වෙත ලැබී ඇති අතර රහස් පොලීසිය විසින් නැවත කරන ලද කරුණු දැක්වීමෙන් පසුවද එම නියෝගය ක‍්‍රියාත්මක කරන්නැයි නීතිපති දන්වා ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව මෙම නියෝගය නුදුරේදීම ක‍්‍රියාත්මක වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් උපුටමින් එම වාර්තා සදහන් කර ඇත.

Related posts

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

සුනඛයන්ගෙන් නීතියට වෙට්ටු දැමූ කොරස මල්කෝනේ කත අල්ලයි

colombotoday

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

දඹුල්ලේ ගිනිතැබීම් සහ පහරදීම් සම්බන්දයෙන් ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin