Colombo Today Local News

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය නියෝජනය කරමින් කණ්ඩායමක් මෙරට පැමිණ තිබෙනවා.

ඉන්දීය පොලිස්පතිවරයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම කණ්ඩායමට ඇතළත්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔවුන් සතුව ඇති තොරතුරු ශ්‍රී ලංකා විමර්ශන සඳහා බෙදා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ඇති විමර්ශනවදී හෙළිව ඇති තොරතුරු ඉන්දියාවට වැදගත් වන්නේ නම් පමණක් ලබාගැනීමට එම කණ්ඩායමේ කාර්යය වනවා.

කේරළයේ අයි.එස් ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධයෙන් වීමට පුද්ගලයින් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම කණ්ඩායමට නායකත්වය දුන් අශ්ටෆාක් මජීඞ් ඇෆ්ගනිස්ථානයට පිටත්වීමට පෙර යාපනයට පැමිණ ඇති බවයි.

මේ අතර 15 දෙනෙනකුගෙන් යුත් අයි.එස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් හරහා කේරළයේ ලක්ෂද්වීප් වෙත ගමන් කර ඇතිබවටත් ඉන්දීය බුද්ධි අංශ තොතුරු අණාවරණය කරගෙන තිබුණා. 

Related posts

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

Admin

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday