Colombo Today Local News

ETCA ගිවිසුමෙන් වසරකට දින 85ක් උතුරු මුහුද තමිල්නාඩුවට.. උතුරේ ධීවරයෝ නොසන්සුන් !

වත්මන් යහපාලන රජය විසින් මේ වසර තුළදී ගෙන එනු ලැබීමට නියමිත ‘එට්කා’ ගිවිසුම අත්සන් කළහොත් ඉන්දීය ධීවරයින්ට වසරකට දින 85ක් උතුරු මුහුදේ කිසිදු අවසරයකින් තොරව මසුන් ඇල්ලීමට අවස්ථාව උදාවෙන බව උතුරේ ධීවරයෝ අවධාරණය කරති.

උතුරේ ධීවර නායකයෝ මේ සම්බන්ධයෙන් නොසන්සුන් වී ඇති අතර ඒ කෙරෙහි දැඩි ලෙස විරෝධය පල කර සිටිති.
උතුරු එක්සත් ධීවර සමිති සන්ධා නයේනායක එස්. එම්තියාස් පිල්ලෙයි කියා සිටින්නේ වර්තමානය වන විට එක් මසකට සතියට දින 03 බැගින් ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීම හේතුවෙන් මසකට රුපියල් කෝටි 20ක මුදලක් අහිමි වන බවය.

එසේ වුවද ධීවර අමාත්‍යංශයේ ගණන් බැලීම්වලට අනුව රටට රුපියල් කෝටියක්වත් අහිමි වෙන්නේ නැති බව කීවද සතියකට දින 03ක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 700 සිට 1200ක් දක්වා ප්‍රමාණයක් උතුරු මුහුදේ මසුන් අල්ලන අතර ඉන්දියාවට යන මසුන් ප්‍රමාණය දන්නේ උතුරේ ධීවරයින් පමණක් බවත් ඔහු පවසයි.

“ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලින් දමන දැල් පොළව අඩියෙම ඉන්න මුහුදු කූඩැල්ලගේ ඉඳන් සියලු සාගර සම්පත් විනාශ වෙනවා ඔවුන් මසුන් අල්ලන විදිහට නැවත වසර 05ක්වත් යන තුරු උතුරු ධීවරයින්ට මත්ස්‍ය සම්පතක් ඉතුරු වන්නේ නැහැ.
මීට පෙරත් ඉන්දියාව විසින් වසරකට මේ දින 85 හරි සතියට දින දෙකක් හරි උතුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යෝජනාව ගෙනාවා. නමුත් උතුරේ වගේම දකුණෙත් සියලු ධීවර සමිති එක්ව නැගූ විරෝධය නිසා ඒ යෝජනාව නැවතුනා. නමුත් දැන් මේ එට්කා ගිවිසුම බලන කොට ධීවර යෝජනාව පොඩි දෙයක් නිසා ඒක ඉබේටම ඉන්දියාවට ලැබෙනවා. එහෙම වුණොත් උතුරේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතිනවා.

ඉන්දියාව කියන්නේ තමන්ට වාසියක් වෙනුවෙන් වැඩ කරන රටක් හැරෙන්ට අපේ අවශ්‍යතාවයන් ගැන හිතන රටක් නෙමෙයි ඒ නිසා වත්මන් බලධාරීන් හෝ මේ ගැන අවධානය යොමු කොට උතුරේ ධීවරයින්ට දැන් හෝ සාධාරණයක් ඉටු කරන්න. යනුවෙන් එස්. එම්තියාස්පිල්ලෙයි වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුවද පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයට ආ ඉන්දීය වෙළඳ රාජ්‍ය ඇමතිනිය ශ්‍රී ලංකාවට ආ විටදී ප්‍රකාශ කර තිබුණේ ‘එට්කා’ ගිවිසුම ඉක්මණින් අත්සන් කරන බව ය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොරෝ­නා­වෙන් දරුවන් දෙන්නා බේරා ගන්න නීති විරෝධී ලෙස බෝට්ටු­වෙන් ලංකා­වට ආ රම්මු­ගන් රවායි

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

colombotoday

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

මියගිය මසුන් ලක්ෂ ගණනක් නැගෙනහිර වෙරළට ගොඩගසයි… මහ විපතක පෙරනිමිතිද?

colombotoday