Colombo Today Local News

දරාගත නොහැකි විදුලි මිල නිසා සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටීමේ අවදානමක

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙයි.

විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද ඔවුහු සඳහන් කරයි.

කොවිඩ් පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණහ.

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් අවන්හල් සහ විලා නිකේතන වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්,විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කරයි.

ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත.

හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල (සෝලා )වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති.

Related posts

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

බුදුන් මිනිමස් වැළදුවායැයි අපහාසකළ තවුහිඩ් ජමාත් අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් 15ක් ලංකාවේ සිට ඉන්දියාවට පැනලා !

colombotoday

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

colombotoday