Colombo Today Local News

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ කාන්තාවන් උපයෝගී කොටගෙන විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ජාතික බුද්ධි අංශයේ නිලධාරීන් විසින්ම අනාවරණය කරගනු ලැබ ඇත. එම ප්‍රහාරයන් සිදුකිරීම සඳහා ගෙනැවිත් තිබුණු කාන්තාවන් අඳින සුදු සායවල් සහ හැට්ට කට්ටල 5ක් සයින්දමරුදු පිපිරීම සිදුවුණු නිවාස පරීක්ෂා කිරීමේදී සොයා ගනු ලැබිණි.

මෙම පිරිස ඉකුත් 19 වනිදා මේවා මිළදිගෙන ඇත්තේ ගිරිඋල්ලේ අලෙවි සලකිනි. රුපියල් 29000ක පමණ වටිනාකමකින් යුත් කාන්තාවන් අදින සුදු ඇදුම් කට්ටල 9ක් සහ යට ඇදුම් ඇතුළු රෙදිපිළි මෙහිදී මිළදි ගෙන ඇත.

පසුගියාදා බෝම්බ පුපුරුවා ගත් නිවසේ තිබියදීමෙම ඇදුම් සොයාගෙන ඇති අතර සුදු පැහැති ඇදුම් කට්ටල 4ක් එම ස්ථානයේ තිබී නැත. එම වෙළදසලේ සී.සී.ටී.වී. කැමරාවලද මෙම කාන්තාවන් රෙදි මිළදී ගැනීමට එන ආකාරය සටහන්ව ඇත.

ඉතිරි සුදු ඇදුම් කට්ටල 4 සොයා ගැනීම සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරිහු පරීක්ෂණ පවත්වමින් සිටිති. මෙම සුදු ඇදුම් කට්ටල විහාරස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරිම සදහා ගෙන එන්නට ඇති බවට රාජ්‍ය බුද්ධී අංශ නිලධාරිහු සැක පලකරති.

මව්බිම.

Related posts

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

මහින්ද අපට සහය නොදුන්නොත් බලාගමු ! – මුතුහෙට්ටිගම

colombotoday

කොළඹ – මහනුවර මාර්ගයත් සම්පුර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක්

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin