Colombo Today Local News

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

සංඝාධිකරණයක් අවශ්‍ය නොමැති බවත් ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ඒ ඒ නිකායන් තුළ හැකියාවක් ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි. රත්නපුරයේ පැවැති වැඩසටහනක් අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

“පන්සිල් ආරක්ෂා කරන්න ඕන නම්  අපේ සෝභිත හාමුදුරුවෝ කිවුවා වගේ සංඝාධිකරණ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ හැටියට ඒ නිකාය තුළ ඇති වෙන යම් කිසි දේවල් තියෙනවා නම් ඒවා විසදන්න හැකියාවක් ඒ හැම නිකායක් තුළම ඒ ක්‍රමවේදය ඇති කර ගෙන තියෙනවා. මම කියන්න ඕන පුද්ගලිකව බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ.

අපි ඒවාට මුහුණදීලා තියෙනවා.මට ගොඩාක් විස්තර කියන්න පුළුවන්. බන්ධනාගාරයත් මම බාරව ඉන්න නිසා .අපි ඇයි සංඝාධිකරණයකට යන්න වෙන්නේ මොන වගේ තැනකට ද කියලා අපිට හිතා ගන්න පුළුවන්.

මම දිවුරුම් දීලා මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගිය වෙලාවේදී මගෙන් ඉල්ලීමක් කලා සංඝාධිකරණය කෙසේ වෙතත් දිනයක් වෙනම වෙන් කරන්න ස්වාමීන් වහන්සේලාට උසාවියට යන්න කියලා .ඒ අනුව අපි පළාත් දෙකක වයඹත් මධ්‍යමත් දිසා අධිකරණවල එක දවසක් වෙන් කරලා තියෙනවා.

රත්නපුරේත් ඒක හෙට අනිද්දාම වෙයි.අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න.ඒ විනය ඇති කිරීම මේ සියලුම නිකායන්වල මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලා විසින් බොහොම හොඳට ඇති කරලා තියෙනවා .මම මේ ටික කිවුවේ බුද්ධ ශාසන ඇමතිතුමා මට භාර දුන්නා මෙතනදීම අපේ හාමුදුරුවනේ මේ සංඝාධිකරණය පිහිටුවන්න.අපි කණගාටු වෙන්න ඕන එහෙම තැනකට පත් වුණොත්”

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්න. ස්‌පාඤ්ඤයේ නගර සභාවක් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

වැව් ජලය චීන සමාගමකට දීමට විරෝධය පෑවාට පොලිසියෙන් ප්‍රහාර… උද්ඝෝෂකයන් පෙරළා පොලිසියට පහර දෙයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත Breathalyzer උපකරණ කට්ටල 30,000 ක්

colombotoday

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday