Colombo Today Local News

අද කොළඹ එන උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක්

නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය  පාමින්   එක්සත් ජාතික පක්ෂය  සංවිධානය  කර ඇති උද්ඝෝෂණයට  රාජ්‍ය ආයතනවලට  ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම  වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය.

එසේම  මහජන සෞඛ්‍යට පීඩාවක් නොවන අයුරින්  උද්ඝෝෂණය පැවැත්වීමටද අවසර ලබා දුන්නේය.

මෙම උද්ඝෝෂණය නතර කරන්නැයි ඉල්ලමින් කුරුදුවත්ත පොලීසිය ලිඛිත අාඥාවක් ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සහ එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා  මෙහි පාර්ශවකරුවන් ලෙස නම්කර සිටිති

Related posts

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

colombotoday

“භික්‍ෂුන් පනත ගෙනාවොත් සංඝ සමාජය කෑලි කෑලි වලට කැඩිය යයි. කිසි දින එකතු කරන්න බැරිවෙයි” – රතන හිමි

colombotoday

වෙඩි වැදී 05 හැවිරිදි දරුවෙක් මරුට – 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවේ

Admin

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday

තෙල් මිළ අඩු නොකළොත් පාරට බහිනවා !

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin