Colombo Today Local News

ඇලෝසියස්ට බන්ධනාගාරයේ සුපිරි සැප… H වාට්ටුවේ සිට දේශපාලන ප්‍රබලයන් සමග දුරකතන සාකච්ඡා

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනා රඳවා සිටින බන්ධනාගාරයේ “එච්” වාට්ටුවේ සිරකරුවන් ජංගම දුරකතන භාවිතා කරමින් සියලුම පහසුකම් භුක්ති විඳින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉකුත්දා “ඊ හා එච්” සිර වාට්ටුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සොයා අත්අඩංගුවට ගෙන ඇතැයිද පැවසේ.

මෙම සැකකරුවන් දෙදෙනා මුලින්ම එම බන්ධනාගාරයේ “ඊ” වාට්ටුවේ රඳවා සිට මෑතකදී “එච්” වාට්ටුවට මාරුකර යවා ඇතැයිද වාර්තා වෙයි.

මොවුන් දෙදෙනා සමඟ එල්ටීටීඊ සැකකරුවන් සහ පාතාල සාමාජිකයින් 60ක් පමණ “ඊ” හා “එච්” දරණ සිර වාට්ටු දෙකේ රඳවා ඇතැයිද සඳහන් වේ.

ඔවුන් අතරින් බැඳුම්කර සැකකරුවන්ට බන්ධනාගාර ගතවූදා සිටම විශේෂ සැලකිළි ලැබෙන බවද කියති.

ජංගම දුරකතන භාවිතා කරමින් මෙම සිරකුටියේ සිරකරුවන් ඉහළ දේශපාලනඥයන් සමඟ විවිධ සබඳතා පවත්වන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි දේශයට වාර්තා වේ. මෙසේ දුරකතන පරිහරණය කරන්නන් අතර අර්ජුන ඇලෝසියස් හා කසුන් පලිසේනද වන බව බුද්ධි අංශ හෙළිදරව් කරගෙන ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

(දේශය)

Related posts

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

colombotoday

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

“කෝටි 800 වංචාවක් ගැන මම දන්නෑ.. ටෙලිකොම් පාලනය කරන්න මට බලයක් නෑ..” – ඇමති හරීන්

colombotoday