සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කාරක සංඝ සභාව රැස්වී තීරණයක් ගන්නා බව අස්ගිරි මහා විහාර පාර්ශවය කියා සිටී.
එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසන්නේ, ඒ අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමත් සමග මතුව ඇති තත්ත්වයන් පිළිබඳ මහ නා හිමිවරුන් දැනුවත් කිරිමට බොදු බල සේනා සංවිධානය ඇතුලූ සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (17) මහනුවරට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළකලේය.
[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2110606772542128/” width=”500″ height=”400″ onlyvideo=”1″]