Colombo Today Local News

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මඩකළපුවේදී කිව්වා 2020 දී එයා විශ්‍රාම යන්නේ නෑ කියලා. එතුමාට එහෙම කියන්නේ නැතිව මේ වෙලාවේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් රඳවා ගන්න වෙන ක්‍රමයක් නැහැ ‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 07 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැලිය ඇමතමින් පැවසීය.

මේ ආණ්‌ඩුව ජනතාවට කරපු ලොකුම අපහාසය තමයි මැයි 1 වැනිදා සමරන්න තිබුණු ලෝක කම්කරු දිනය මැයි 7 වැනිදාට කල් දාපු එක ඒවගේම කියන්න ඕනෑ සුද්දගේ කාලයේ ටොරින්ටන් ආණ්‌ඩුකාරයා තමයි මේ රටේ වැඩිම බදු ගහපු කෙනා. ඊට පස්‌සෙ වත්මන් යහපාලන ආණ්‌ඩුව තමයි වැඩිම බදු ගහපු ආණ්‌ඩුව විදියට හඳුන්වන්න පුළුවන් බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

මහ බැංකුව කොල්ලකාපු අය සමෘද්ධි බැංකුවත් කොල්ලකෑමට යන බවද හිටපු ජනාධිපතිවරයා එහිදි පැවසීය.

Related posts

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday