Colombo Today Local News

මහසෝන් බළකායේ අමිත් උසාවි ගෙන එද්දී කෑගහල මාධ්‍යට කීව දේ (Video)

මහනුවර ප්‍ර දේශයේ ඉකුත් දිනවල ඇතිවූ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරික්දීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන් අතර මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහගෙන් අධිකරණ භූමියේදීම ප්‍රකාශයක් ලබාගැනීමට අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දුන්නේය.

මේ අතර අමිත් වීරසිංහ අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහු මාධ්‍ය වේදීන් දෙසට හැරී ප්‍රකාශ කළේ “මේ වන විට පොලිසිය කොන්ත්‍රාත්කරුවන් බවට පත්ව සිටින බවයි.“

බොරු නඩු පටලවමින් පොලිසිය ආණ්ඩුවේ කොන්ත්‍රාත් සිදුකරන බවද ඔහු චෝදනා කළේය.

https://youtu.be/7X3UTWaaw4Q?t=12

Related posts

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

colombotoday

ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාකිස්තානයෙන් ඉහළම සම්මානයක්

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගයට කිසිම එජාප මන්ත්‍රීවරයෙකුගේ සහය හිමිවන්නේ නෑ – රවී කරුණානායක

colombotoday

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin