Colombo Today Local News

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අවසන්වීමෙන් පසුව සිදුකිරීමට නියමිතව තිබූ පූර්ණ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තවමත් නිශ්චිත එකගතාවයකට පැමිණ නොමැති බැවින් එය තව දුරටත් කල් යනු ඇති බවට වාර්තා වනවා.

පෙරේදා (05) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහෙත් අවසන් එකඟතාවයකට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

වත්මන් කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් බෙදීම විද්‍යාත්මක පදනමක් අනුව සිදුවී නොමැති බව ජනාධිපතිවරයාගේ මතයයි. ඒ අනුව ඉදිරියේදී සිදු කරන කැබිනට් සංශෝධනයේදී එම අඩුපාඩු මගහරවා ගනිමින් විෂය පථයන්හි වෙනස්කම් සහිතව පූර්ණ සංශෝධනයක් සිදුකිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙන බව සදහන්.

විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ ඉවත් කළයුතු බවට එජාප ඇමතිවරුන්ගෙන් අගමැතිවරයාට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර මේ වනතෙක් ඔවුන් ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිශ්චිත තීන්දුවකට පැමිණ නැත. කෙසේ වෙතත් ඔවුන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා තවමත් කැමැත්ත පළකර නොමැති අතර ශ්‍රීලනිපය පවසන්නේ ඔවුන්ගේ මතය වෙනුවෙන් ද පක්ෂය පෙනී සිටින බවයි.

වත්මන් පාර්ලිමේන්තු ව්‍යූහය තුළ තනි පක්ෂයකට ආණ්ඩු පිහිටුවීමට හැකියාවක් නොමැති බවත් ඒ නිසා ගැටලු විසඳා ගනිමින් යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යායුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

colombotoday

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

Admin

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday

ලංකා විදුලි බල මණ්ඩලයේ EPF කෝටි තුන්සීයක් අතුරුදන්

colombotoday