Colombo Today Local Newsපුංචි ඡන්දය

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොලඹ නගර සභාවේ සිය නගරාධිපති අපෙක්ෂකයා ලෙස මිලින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි පැවසේ.

රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු මෙන්ම දෙරණ හිමිකරු දිලිත් ජයවීරට අයත් “ට්‍රයිඇඩ්” ප්‍රචාරණ ආයතනයේ ප්‍රධානියෙකු වන ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “අපි වෙනුවෙන් අපි” ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරුවකු ද වේ. ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධන සමගද ඔහු කටයුතු කර ඇත.

කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසත් සාලි මහතා ඉදිරිපත් කරන අතර, එක්සත් ජාතික පක්ෂය සිය නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

Related posts

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday

බැදුම්කර වාර්තාව හා ජනපති ප්‍රකාශය පරස්පරයි.. රවී කරුණානායකත් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට සිට

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin