Colombo Today Local News

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

පිරිසිදු දේශපාලනයක්‌ කරා යන ගමන් මගේදී තම කඩුවට කැපෙන්නේ මොන පක්‍ෂයද මොන පාට ද, මොන ඥතියා ද කියා තමාට වැදගත් නැති බවත්, පිරිසිදු දේශපාලනය වෙනුවෙන් එය තීරණය වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

භගවත් ගීතාවේ උදාහරණයක් ද ගෙන දක්වමින් ජනාධිපතිවරයා එබව කියා සිටියේ, බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පෙරවරුවේ පැවැති පළාත් පාලන මැතිවරණයට අදාළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්‌වීමේ උත්සවයේදීය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවිත්‍ර දේශපාලනයක් වෙනුවෙන් සියලූ දෙනා කැප කිරීම් කළ යුතු කාලය එළඹ ඇති බවයි.

නිදහසේ සම්මුතිය යන මැයින් සන්ධානයේ සියලූ පක්ෂ පොදු එකඟතාවකට පැමිණීම මෙහිදී සිදුවිය.

එහිදී සන්ධානයේ සියලු පක්ෂ ප්‍රතිඥාවක් සහ දිවුරුම් දීම සිදුකරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසිනි.

Related posts

විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

කෝට්ටේ සංඝ සභාවත් අලුත් ව්‍යවස්ථාවක් එපා කියයි ! (Video)

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday