Colombo Today Local News

“LTTEය පවා විනාශ නොකළ උ/නැගෙනහිර පුරාවිද්‍යා භූමි, දාගැබ් යුද්ධයෙන් පසු විනාශ කරලා“ – ඇමති අකිල

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පවා විනාශ නොකළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි පුරාවිද්‍යා භූමි, දාගැම්, ස්මාරක යුද්ධය අවසන් වූ පසු විනාශ කර ඇති බව අධ්‍යාපන හා සංස්කෘතික ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පෙරේදා (07) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ගෙවී ගිය දශක තුන තුළ පැවති යුද්ධය හේතුවෙන් අදාල ප්‍රදේශවල පුරා විද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේදී ගැටළු මතුවූ බව අප පිළිගත යුතුයි. නමුත් යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇති මේ මොහොත වන තුරු උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා භූමි සුරක්ෂිත කිරීමේ කටයුතු මන්දගාමී වීම තුළ ගැටළු රැසක් ඇති වී තිබෙනවා. මෙය බරපතල තත්වයක්.

ඇතැම්විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විනාශ නොකළ ඇතැම් පුරාවිද්‍යා භූමි, දාගැබ්, ස්මාරක යුද්ධය අවසන් වූ පසු පසුගිය වසර කිහිපය තුළ නිධන් හොරුන්ගේ සහ විවිධ පාර්ශවයන්ගේ බලපෑමෙන් විනාශ වී ගිය බව රහසක් නොවේ.

එවගේම මේ වන විට මෙරට ජනතාවගේ සහජීවනය හා සංහිඳියාව බිඳදමන උතුර සහ නැගෙනහිර වෙසෙන අතලොස්සක් අන්තවාදීන්ගේ බලපෑම්ද මේ පුරාවස්තු විනාශයට බල පා තිබෙනවා. ඇතැම් විට මේ තත්ත්වය වාර්ගික ගැටුම් බවට හුවා දක්වන අවාසනාවන්ත මට්ටම දක්වාද ඔඩු දුවා අවසන්.

සිංහල, දෙමළ, මුස්ලිම් සංහිඳියාවට අභියෝග කරමින් ඇතැම් පිරිස් පුරාවිද්‍යා භූමි තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, පුරාවස්තු විනාශ කර දැමීම ආදී සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

තත්ත්වය මේ දක්වා දුර දිග ගියේ කොහොමද? දුර දිග ගියේ ඇයි? යන ප්‍රශ්නවලට වහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය විෂයභාර අමාත්‍යවරයා ලෙස මටත් අපගේ අමාත්‍යාංශයටත් තිබෙනවා. එය ජනතාව මා හට පවරා දුන් වගකීමයි“ යැයිද කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/akilavirajk/videos/10155483558029060/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

colombotoday

“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්

colombotoday

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

ජන මතයට සවන් නොදෙන්නේ නම්, රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවා – විපක්ෂ නායක

colombotoday