Colombo Today Local News

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

ගිය රජය සමයේදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් ඇමති ඒ.එච්.එම්. ෆවුසිට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව අද දිනයේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී කැදවනු ලැබීය.

ගිය රජය සමයේ නෙදර්ලන්තයෙන් ශ‍්‍රී ලංකා රජයට පරිත්‍යාගයක් ලෙස ලැබුනු වාහනයක් සිය පුද්ගලික පරිහරනය සදහා යොදා ගැනීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි.

කෙසේ වෙතත් එම නඩුව ගොනු කර ඇත්තේ නීතියේ ප‍්‍රතිපාදනවලට පටහැනිව බවට විත්තියේ නීතීඥයින් පෙන්වා දුන් අතර පැමිණිල්ලේ පිටපත් ලැබී නැතැයිද මූලික විරෝධතා ගොනු කරනු ලැබීය.

ඒ අනුව නඩුව පිලිබද තීන්දුව ලබන මැයි මස 05 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව අධිකරණය කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දැනට තුන්මාසය පමණ කාලයක් රිමාන්ඞ් ගතව සිටින්නේ රජයේ වාහන අවභාවිතාවට නොව රජයේ වාහන අවභාවිතයට අනුබල දීම යන චෝදනාවටයි.

Related posts

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

colombotoday

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

colombotoday